විශේෂයෙන්ම දිවයිනේ ප්‍රදේශ රැසක මිලියන 1.5 ක පමණ වූ ජනතාවක් සඳහා පිරිසිදු පානීය ජලය ලබා දීමට මෙමඟින් හැකියාව ලැබී ඇත.
එහි සුවිශේෂ අවස්ථාවක් සනිටුහන් කරමින් 600 වන ජල පිරිපහදු යන්ත්‍රය, අනුරාධපුරය, ඓතිහාසික ඉසුරුමුණි විහාරස්ථානයේදී, එළඹෙන මාර්තු 20 වන දින සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් විවෘත කිරීමට නියමිතය. ඉදිරියේදී ද වකුගඩු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින දිස්ත්‍රික්ක තවදුරටත් ආවරණය වන පරිදි මෙවැනිම ප්‍රති ආශ්‍රැතිකරණ ජල පද්ධති විශාල ප්‍රමාණයක් ස්ථාපිත කිරීමටවකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකාය සහ නාවික හමුදාව කටයුතු කරමින් සිටී.