ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    අධිකරණ ඇමති සහ ස්වීට්සර්ලන්ත තානාපති අතර හමුවක්

    මාර්තු 22, 2019

    අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය හා ශ්‍රී ලංකාවේ ස්වීට්සර්ලන්ත තානාපති Hans Peter Mack මහතා අතර හමුවක් ( 20) පස්වරුවේ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

    දෙරට අතර අධිකරණ පද්ධතිය අතර සහයෝගිතාවය ඇති කර ගැනීම පිළිබදව මෙහිදී අදහස් හුවමාරු විය.

    අධිකරණයේ ස්වාධීනත්වය නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම සදහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කරන බව මෙහිදී තානාපතිවරයා සදහන් කළේය. මෙරට අධිකරණ පද්ධතියේ සංවර්ධනය ,පුහුණුවීම් ,නීතිමය ප්‍රතිසංස්කරණ දැනුම ලබාදීම, වැනි කටයුතු සදහා ස්වීට්සර්ලන්ත රජය ලබා දෙන සහයෝගය ඉතා අගය කරන බවද අමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය.

    ස්වීට්සර්ලන්ත රජය ලබා දුන් සහයෝගය ඉදිරියටත් බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya