පවුල් සෞඛ්‍ය කාර්යංහයේ ආවේක්ෂණ දත්ත වලට අනුව ඉන්ෆ්ලුවෙන්සා නියුමෝනියාව නිසා මෙම වසරේ මාතෘ මරණ 2ක් මේ වන විට වාර්තා වි ඇති අතර 2018 වසරේ දි ගර්භණි මව්වරු 11ක් නියුමෝනියාව නිසා මිය ගොස් ඇත.2017 වසරේ දි ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා නිසා ගර්භණි මව්වරු 41 කට ජිවිත අහිමි විය.
ගර්භණි මව්වරුන්ට සෙම්ප්‍රතිශයාව උණ රෝග ලක්ෂණ ඇති අය අසලට යාමෙන් සහ වැඩිපුර සෙනඟ ගැවසෙන ස්ථාන වල රැඳිමෙන් වළකින ලෙසටත් එම නිවේදනයේ දැක් වේ.උණ වැළඳුණු ගර්භණි හෝ ප්‍රසව මව්වරු පළමු දිනයේම රෝහල් ගත කිරිමෙන් එම මව්වරුන්ට විශේෂිත ප්‍රතිකාර ලබා දිය හැකි බව පවුල් සෞඛ්‍ය කාර්යංහය පවසයි.
එවැනි මව්වරුන් පළමු දිනයේ ම රෝහල් ගත කිරිමට සියලුම වෛද්‍ය ආයතනවලට, රජයේ හා පුද්ගලික වෛද්‍යවරුන්ට,බාහිර රෝගී අංශ වලට සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින්ට උපදෙස් මේ වනවිට ලබා දි ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.