ඒ අනුව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් සියළුම රජයේ ආයතනවල රාජ්‍ය නිලධාරීන් ත්‍රිපිටකය සහ ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ වැදැගත්කම පිළිබද දැනුවත් කිරීම සිදුවිය. අනතුරුව මහනුවර බෝගම්බර විහාරස්ථානයේ ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය ගල්ලෑල්ලේ සෝරත ස්වාමීන් වහන්සේ විසින් විශේෂ ධර්ම දේශනයක්ද පවත්වන ලදී. දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පැවති මෙම ආගමික වැඩසටහනට සමගාමීව මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල විස්සේම මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සංවිධානය කර තිබුනි.
ත්‍රිපිටකාභිවන්දන සතිය අවසන් කරමින් පැවැත්වෙන ප්‍රධාන උත්සවය 5000 නමක මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් යුතුව අද (23) ප.ව. 2.00 ට මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහමහළුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. එහිදී ථෙරවාදී ත්‍රිපිටකය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ලේඛනගත කිරීමට අදාල යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ සදහා විදෙස් රටවල ස්වාමීන් වහන්සේලා, එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතයන්, බෞද්ධ රටවල තානාපතිවරු ඇතුළු තවත් විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.
DMU/Kandy