2019 වර්ෂය සදහා රුපියල් මිලියන 100ක ප්‍රතිපාදන වෙන් වී ඇති බවත් එම රු. මිලියන සියයෙන් වැවේ සිට ජලය සැපයෙන ප්‍රධාන ඇල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය. 2019 වර්ෂය සදහා වෙන් වී ඇති රු. මි. 80න් ප්‍රධාන බැම්ම, පිටවාන, හා සොරොව්ව ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත බව විරසුරිය මහතා පැවැසීය. ලෝක බැංකු ණය ආධාර යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකවන අතර දේවහුව වැවෙන් කුඹුරු අක්කර 3000 ට අධික ප්‍රමාණයක් වගා කෙරේ.
මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී මෙම තොරතුරු අනාවරණය විය.