අප්‍රේල් 12, 2025
tami eng youtube  twitter facebook

    සංචාරක පැමිණීම මිලියන 03 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා

    මාර්තු 26, 2019

    සංචාරක පැමිණීම මේ වසරේ මිලියන 03 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බව සංචාරක සංවර්ධන,වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා අද (26) පාර්ලිමේන්තුවේ දී අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් මේ බව පැවසී ය

    මෙය රටේ ජනතාව අගය කළ ප්‍රගතිශීලි අයවැයක්.මුදල් අමාත්‍යතුමා ඉහළ ප්‍රමුඛතාවයක් දී තිබෙනවා ආර්ථික සංවර්ධනයට.රටේ හොඳ ආණ්ඩුවක් පුහිටුවීම නිසා හොඳ ආර්ථිකයක් තිබෙනවා. රටේ සංචාරක කර්මාන්තය දියුණු වී තිබෙනව. සංචාරයට හොඳ ස්ථානයක් බව බෝහෝ සඟරා දක්වා තිබෙනවා.

    සංචාරක කර්මාන්තයට හොඳ විශ්වාසනීයත්වයක් ලබාදී තිබෙනවා,ලබී තිබෙන ප්‍රතිලාභ තුළින්. බස් හා දුම් රිය ස්ථානවල සනීපාරක්ෂාවට මුදල් වෙන් කොට තිබෙනවා. සංචාරක ඉදිකිරීම් සඳහා මුදල් වෙන් කර තිබෙනවා.

    අයවැය යෝජනා මඟින් හොඳ බලපෑමක් සංචාරක බලපෑමක් ලබෙනවා. මිලියන 2.3ක් ගිය වසරේ සංචාරක පැමිණීම. මේ වසරේ මිලියන 03 දක්වා සංචාරක පමිණීම වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ වසරේ ඩොලර් බිලියන 05 දක්වා සංචාරක ආදායම වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා.ලෝකයේ ප්‍රකට හෝටල් නාමයන් මේ රටේ ආයෝජනය කර තිබෙනවා.මැයි මාසයේ කොලඹ දී සැසියක් පවත්වනවා. ඊට සංචාරක ක්ෂේත්‍රයේ  200ක් පමණ ගෙන්වීමට බලාපොරොත්තු වෙනවා. මිරිස්සේ දී සංචාරක කටයුතු සඳහා පොලිස්
    ස්ථානයක් ඇරඹුවා.  දැනුම සහිත සංචාරක මාර්ගෝපදේශකයින් බිහිකරනවා.ලෝක මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන්වලට සහභාගී වෙනවා. ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශය මඟින් සිද්ධස්ථාන වැඩිදියුණු කිරීමට කටයුතු කරනවා. මඬු හා තලවිල සිද්ධස්ථාන සංවර්ධනයට පියවර ගෙන තිබෙනවා.අලි මිනිස් ගැටුම පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා. ඒ දුක් විඳින ජනතාව ඉන් මුදවා ගැනීමට කටයුතු කරනවා යැයි ද අමාත්‍යවරයා කීය

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya