අප්‍රේල් 12, 2025
tami eng youtube  twitter facebook

    නිවාස සංවර්ධනයට විශාලතම ආයෝජනය සිදු වූයේ පසුගිය සිවු වසර තුළයි- නිවාස සංවර්ධන අධිකාරිය

    මාර්තු 26, 2019

    නිවාස සංවර්ධනය සඳහා ඉහළ ආයෝජනයක් කර තිබෙන්නේ පසුගිය සිවු වසරේදී බව නිවාස සංවර්ධනය අධිකාරියේ සභාපති ලක්විජය සාගරපලන්සූරිය මහතා පැවසීය.

    ඒ මහතා මේ බව සඳහන් කළේ, අද (26) නිවාස සංවර්ධන අධිකාරියේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

    2015 සිට මේ දක්වා කාලය තුල සැමට සෙවණ නිවාස වැඩපිළිවෙල යටතේ ආදර්ශ ගම්මාන 1930ක ඉදි කිරීම් කටයුතු ආරම්භ වී තිබේ යැයි පෙන්වා දුන් සාගරපලන්සූරිය මහතා, මෙම කාලය තුළදී ආදර්ශ ගම්මාන 182ක් ජනතා අයිතියට පත් කර තිබෙන බවද කීය.

    මෙයට අමතරව රුපියල් මිලියන 29,037 පමණ මුදල් ආයෝජනය කර ඇති අතර මෙහි ප්‍රතිලාභ ලැබූ පවුල් ගණන 355,536ක් වේ. එපමණක් නොව යුද්ධයෙන් හානි වූ උතුරු ප්‍රදේශයේ ආදර්ශ ගම්මාන 440ක් සහ නැගෙනහිර ආදර්ශ ගම්මාන 208 පමණ ඉදි කර තිබෙන බවද ඒ මහතා පෙන්වා දුන්නේය. මෙහිදී නිවාස වලට පමණක් සීමා නොවී ආදර්ශ ගම්මාන වලා යටිතල පහසුකම් සියල්ලද දියුණු කෙරේ.

     තවදුරටත් අදහස් දැක්වූ ලක්විජය පලන්සූරිය මහතා කියා සිටියේ, නිවාස සංවර්ධන අධිකාරියේ 40වන සංවත්සරය වෙනුවෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවයි. ඒ සඳහා මාර්තු 31 දින ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ම නියෝජනය වන පරිදි ආදර්ශ ගම්මාන 150ක් ආරම්භ කිරීම සිදු වේ. අප්‍රෙල් සහ ජූනි මාස වලදී දිවයින පුරා නව ආදර්ශ ගම්මාන 40ක් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය. තවද එළඹෙන මැයි මස 02 වන දින බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන උත්සවයකදී ජාතික නිවාස ප්‍රතිපත්තිය එළිදැක්වීමට නියමිතය.දිවයිනේ සියළු දිස්ත්‍රික්ක වල මීට සමගාමීව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නිවාස අධිකාරිය සැලසුම් කර තිබේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya