අප්‍රේල් 19, 2025
tami eng youtube  twitter facebook

    උසස් අධ්‍යාපන තත්ත්ව සහතික අන්තර්ජාතික ජාලයේ 15 වැනි ද්විවාර්ෂික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

    මාර්තු 27, 2019

    කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන උසස් අධ්‍යාපනයේ තත්ත්ව ආරක්ෂණය සඳහා වන නියෝජිතායතනයේ ජාත්‍යන්තර ජාලය සඳහා වන 15 වැනි ද්විවාර්ෂික සම්මන්ත්‍රණයේ INQAAHE දෙවන දිනය වන   (26) දින සමාරම්භක අවස්ථාව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    “තත්ත්ව ආරක්ෂණය” යෝග්‍යතා හා පිළිගැනීම ගෝලීයකරණය වු ලෝකය තුළ විශ්වාසය නංවාලීම, යන තේමාව යටතේ මෙම සම්මන්ත්‍රණය ඊයේ ආරම්භ කෙරුණු අතර මාර්තු 28 වන දා දක්වා එය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එක්ව එය සංවිධානය කරයි.

    INQAAHE යනු උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ තත්ත්ව ආරක්ෂණය පිළිබඳ මූලධර්ම හා භාවිතය පිළිබඳ ක්‍රියා කරන ආයතන 300කින් පමණ සැදුම්ලත් ජාත්‍යන්තර සංවිධානයකි. එහි ද්විවාර්ෂික සමුළුවේ මෙවර සත්කාරකත්වය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් දරනු ලැබේ.

    රටවල් රැසක විශ්වවිද්‍යාල නියෝජනය කරමින් මහාචාර්යවරුන්, ආචාර්යවරුන් සහ විශේෂ නියෝජිතයන් මෙම සමුළුවට එක්ව සිටී.

    ඔවුන් වෙනුවෙන් සමරු තිළිණ ප්‍රදානයක් ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා විසින් පිළිගැනීමේ දේශනය සිදු කළ අතර උසස් අධ්‍යාපනයේ තත්ත්ව ආරක්ෂණය සඳහා වන නියෝජිතායතනයේ සභාපති ආචාර්ය Susanna Karakhanyan මහත්මිය ද අදහස් දැක්වූවාය.

    අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඇතුළු ආරාධිත පිරිසක් සමාරම්භක අවස්ථාවට එක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya