අප්‍රේල් 19, 2025
tami eng youtube  twitter facebook

    අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මාර්තු 28 වැනි දා නිකුත් වෙයි

    මාර්තු 27, 2019

    2018 වසරේ පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ  ප්‍රතිඵල මාර්තු මස 28 වැනි දා නිකුත් කිරීමට නියමිත බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.

    සෑම වසරක ම විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා නිශ්චිත දින පවත්වාගෙන යාමට සහ එමඟින් ප්‍රමාදයකින් තොර ව නිසිකලට සියලු අපේක්ෂකයින් වෙත විභාග ප්‍රතිඵල ලබාදීමට පියවර ගැනීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පසුගිය වසර කිහිපය තුළ විශේෂ අවධානය යොමු කර ඇත. ඒ අනුව,  ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපන පද්ධතිය තුළ පැවැත්වෙන සියලු විභාගවල ප්‍රතිඵල ප්‍රමාදයකින් තොරව වසරේ නිශ්චිත දිනයන්හි දී  ලබාදීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා විසින් විභාග කොමසාරිස් ජෙනරාල්වරයාට උපදෙස් ලබා දී තිබේ.

    එහි ප්‍රතිඵලයක් ලෙස සෑම වසරකම පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සෑම වසරක ම ඔක්තෝබර් මස 05 වැනි දින ලබාදීමට ද, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල  මාර්තු 28 දින  ලබාදීමට ද, උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල දෙසැම්බර් 27 දින ලබාදීමට ද  මේ වනවිට පියවර ගෙන ඇත.

    2018 වසරේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් අපේක්ෂකයින් 422,850ක් සහ පෞද්ගලික අපේක්ෂකයින් 233791 ක්ද අයදුම්කර ඇති අතර,  ඒ අනුව සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව 656641කි. පසුගිය වසරේ දෙසැම්බර් මස 03 වැනි දා සිට 12 වැනි දා තෙක් දිවයින පුරා මධ්‍යස්ථාන 4661 ක මෙම විභාගය පැවැත් වුණි. පසුගිය වසර වල  මෙන් ම මෙවර ද සියලු අපේක්ෂකයින්ගේ විභාග ප්‍රතිඵල අන්තර්ජාලයට මුදාහැරීමට කටයුතු යොදා ඇති අතර, www.donets.lk වෙබ් අඩවියට පිවිස ප්‍රතිඵල ලබා ගත හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya