රජයේ මුද්‍රණාලයේ සේවක සේවිකාවන්ගේ දිනක වැටුප මේ සඳහා පරිත්‍යාග කර තිබේ.මේ සදහා රුපියල් 1379,085.45 ක මුදල චෙක් පතක්,රිජ්වේ ළමා රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ මහතා වෙත භාර දෙන ලදි.
රිජ්වේ ආර්යා ළමා රෝහල ලංකාවේ ඇති ප්‍රධානම ළමා රෝහල වන අතර දිනකට ලංකාවේ සැම ප්‍රදේශයනික් ම මෙම රෝහලින් ප්‍රතිකාර ලබා ගැනිම සඳහා දහස් ගණනින් රෝගින් පැමිණෙති. මෙහි හෘද රෝග ඒකකය සඳහා පවතින සම්පත් සිමිත බැවින් අවශ්‍ය ප්‍රතිකාර නිසි වෙිලවට ලලබා දිමට නොහැකි වි ඇත.පවතින පහසුකම් අනුව හෘද හා හාද කැතිඩකරණ මගින් කරන ප්‍රතිකාරවලින් 50%ක් පමණ කළ හැකි බව දුමින්ද සමරසිංහ මහතා පවසයි.
මෙම ගැටලුවට විසඳුමක් ලෙස ළය රෝහලේ අංග සම්පුර්ණ හෘද දැඩි සත්කාර ඒකකයක් පිහිටුවා ඇති අතර එයට වැය වු මුදල කෝටි 200ක් වේ.little Hevets ව්‍යාපාතිය මේ සඳහා ආරම්භ කොට තිබේ. මෙහිදි අදහස් දැක් වු රජයේ මුද්‍රණාලයාධිපතිනි,ගංගානි කල්පනි ලියනගේ මහත්මිය සදහන් කළේ, තම ආයතනය,වසර පුරාම විවිධ පුණ්‍යය කටයුතු සඳහා තමා හා තම සේවක මණ්ඩලය දායක වන බවයි.
මේ අවස්ථාවට රජයේ මුද්‍රණාලයේ නිලධාරීහූ පිරිසක් ද එක්ව සිටියේ ය.