ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    තරුණ තරුණියන් 8000ට අධික පිරිසක්- යොවුන් පුර 2019 අභිමනයෙන් ඇරඹේ

    මාර්තු 28, 2019

    ගමේ තාරුණ්‍යයට සවියක් වෙමින් තරුණ ජවයේ තෝතැන්න වූ යොවුන් පුර 2019 සමාරම්භක උළෙල ඊයේ (27) වීරවිල පශු සම්පත් භූමි පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් ලෙස ආරම්භ විය.

    තරුණ තරුණියන් 8000ට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ආරම්භ වූ මෙම අවස්ථාව ලාංකේය අනාගතයේ ඉදිරි පියවරෙහි අභිමානය විදහා පාන්නක් බව වරාය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගර රත්නායක මහතා පැවසීය. වත්මන් රජය අනාගත ජවයට නව ජීවයක් එක් කිරීමට හැම විටම ක්‍රියා කළ බවත් අමාත්‍ය වරයා සමාරම්භක උලෙළ අමතමින් තව දුරටත් ප්‍රකාශ කළේය.

    යොවුන් පාර්ලිමේන්තුව ඇති කරමින්, තරුණ සම්මේලන පවත්වමින් ජාත්‍යන්තරය පවා ජය ගත හැකි තරුණ පරපුරක් බිහි කිරීම අපේක්ෂා බවත් ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා කීය.

    සමගිය, මිත්‍රත්වය, සහජීවනය ඇති කරමින් ග්‍රාමී සංවර්ධනයට දායකවන ඒ වෙනුවෙන් හඩක් නගන් තරුණයෙක්, තරුණියක් යොවුන් පුරයෙන් බිහි කිරීමේ එක අභිප්‍රායෙන් සියලු දෙනා කටයුතු කිරීම වැදගත් බවත් යොවුන් පුරපති සසංක බදුගේ ප්‍රකාශ කළේය.

    ව්‍යවසාය සංවර්ධනයෙන්, ලෝකයේ තිබෙන නව තාක්ෂණයෙන් පරිපූර්ණ පිරිපුන් පරපුරක් බිහි කිරීම ජාතික තරුණ සේවා සභාව පවතින තාක්කල් සිදු කරන බවත් දැඩි උද්‍යෝගයෙන් යුතුව ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්දික වැලිඅංගේ මහතා කීවේය.

    මීට අමතරව ජාතික තරුණ සේවා සභාවේ විචිත්‍රවත් නර්තනාංගවලින් ද මෙම අවස්ථාව සමන්විත වූ අතර දකුණු පළාත් සභා විපක්ෂ නායක එස්.තෙන්නකෝන් නිලමේ මහතා ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක්ද සම්බන්ධ වූහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya