අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා විමසු පැනයකට පිළිතුරු දෙමින් මෙසේ කීය.
කිසිදු පක්ෂ භේදයකින් තොරව පහසුකම් සළසන බව කී අමාත්‍යවරයා, පසුගිය රජය සමයේ පළාත් පාලන ආයතනවලට පහසුකම් නොලබුණු බවත්, සීමානීර්ණ පිළිබඳ ගැටලුව විසඳීමට තිබුණත් පසුගිය කාලයේ එය සිදු කර නොතිබූ බැවින් ගැටළු රැසක් ඇතිව තිබෙන බවත් පැවසීය. සීමා නීර්ණය ගැටළුව විසඳීම ජාතික ප්‍රශ්නයක් ලෙස සළකා කටයුතු කරන බවත් ඉදිරියේ දී ඉල්ලා සිටින පළාත් සභ මැතිවරණය ඉක්මනින් ලබාදීමට කටයුතු කරන බවද පැවසී ය.