ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    යොවුන් පුරයට සමගාමීව ශ්‍රමදාන, පැළ සිටුවීමේ වැඩසටහන් රැසක්

    මාර්තු 29, 2019

    යොවුන් පුරයට සමගාමීව ජාතික තරුණ සේවා සභාවේ විදේශ අංශය මගින් තරුණ තරුණියන් හා විදේශීය තරුණ තරුණියන් සහභාගී කර ගනිමින් ශ්‍රමදාන, පැළ සිටුවීම හා ගවේෂණ වැඩසටහන් රැසක් පැවැත්විණි.

    අද (29) වීරවිල විද්‍යාර්ත මහා විද්‍යාලයේ මෙම ශ්‍රමදාන වැඩසටහන සිදු කරන මෙම වැඩසටහන මෙහෙයවනු ලබන්නේ යෞවන සමාජ බලමණ්ඩලය හා තරුණ සේවා සභාවේ ගොවිපොල අංශය මගිනි.

    මීට අමතරව ඊයේ දිනයේදී උඩවිල කනිෂ්ඨ විද්‍යාලය, තිස්සමහාරාම විහාරය සදගිරි චෛත්‍ය හා තිස්ස මූලික රෝහලෙහි ශ්‍රමදාන පැවැත්වුණු බව තරුණ සේවා සභාවේ ගොවිපොල සහකාර සම්පත් රත්නායක මහතා පැවසීය.

    එමෙන්ම පැල සිටුවීමේ වැඩසටහන යටතේ එරමිණියාය ගොවිපොලේ දී, වීරවිල නව නගරය හා රන්දුණුවත්ත වසමේ දී සිදුවන බවත් රත්නායක මහතා තව දුරටත් කීය.

    ගවේෂණ වැඩසටහන් මගින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැදගත් ස්ථානවල විස්තර ලබා ගැනීමත්, ඒවායේ වටිනාකම් හා වැදගත්කම් වටහා ගනිමින් තෙදිනක ගවේෂණ චාරිකාවක් යොවුන් පුරයට සමගාමීව සිදු කරයි.

    ඒ යටතේ හම්බන්තොට වරාය, හම්බන්තොට තරුණ සම්මන්ත්‍රණ ශාලාව, මත්තල ගුවන් තොටුපොළ, ලුණුගම්වෙහර ජලාශය, යටාලතිස්ස රජමහා විහාරය, රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය, තිස්සමහාරාම විහාරය සදගිරි චෛත්‍ය, පශු සම්පත් සංවර්ධන මණ්ඩලය, හම්බන්තොට ජාතික උද්හිත උද්‍යානය, තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ කසල ප්‍රතිචක්‍රිකරණය මධ්‍යස්ථානයේ ගවේෂණ කටයුතු සිදුවන බව තරුණ සේවා සභාවේ ගොවිපොල සහකාර සම්පත් රත්නායක මහතා ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya