ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    මහනුවර කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ආපදාවන්ට ලක්වූ පවුල් වෙනුවෙන් ඉදි කරන ලද නිවාස යෝජනාවක්

    මාර්තු 29, 2019

    මහනුවර කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පසුගිය වසරවල  ඇති වූ ස්වාභාවික ආපදාවන්ට ලක්වූ පවුල් වෙනුවෙන් ඉදි කරන ලද ''අහස් පොකුණ ආදර්ශ ගම්මානය '' අප්‍රේල්.04 වැනි දින පෙ.ව. 9.00ට ජනතා අයිතියට පත්කිරීමට කටයුතු යොදා තිබේ.

    නිවාස ඉදි කිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිත මෙම නිවාස යෝජනා ක්‍රමය තුළින් ආපදාවට ලක් වූ නිවැසියන් 27 දෙනෙක් වෙත නිවාස ලබාදී තිබේ.

    මහනුවර දිස්ත්‍රික්කයේ ඉදි කෙරෙන පස්වැනි ආදර්ශ ගම්මානය ලෙස සැලකිය හැකි මෙම ගම්මානය ඉදි කිරීම සදහා නිවාස සංවර්ධන අධිකාරියේ දායකත්වය සහ ප්‍රතිලාභීන්ගේ දායකත්වය ද ලැබී තිබේ. විදුලිය සහ නල ජලය ඇතුළු මූලික යටිතල පහසුකම් වලින්ද සමන්විත වන පරිදි මෙම නිවාස යෝජනා ක්‍රමය ඉදි කොට ඇත.

    මෙම උත්සවයට සමගාමීව මහනුවර දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි නිවාස ණය චෙක්පත්, ශිල්ප සවිය චෙක්පත් ලබාදීම සහ ප්‍රධාන පත්‍ර ලබාදීමටද කටයුතු යොදා තිබේ.

    DMU/kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya