ඒ යූරියා මෙට්‍රික් ටොන් 2008.55 ක් ද, ටී.එස්.පී. මෙට්‍රික් ටොන් 643.14 ක් ද, එම්.ඕ.පී. මෙට්‍රික් ටොන් 1223.16 ක් ද වශයෙනි. මේ සඳහා වැය කරන මුදල රුලියල් මිලියන 267.93 ක් වන අතර ගොවීන් දරන්නේ රුපියල් මිලියන 38.74 කි. 2019 යළ කන්නය වෙනුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පොහොර සහනාධාරය සඳහා රජයේ වියදම රුපියල් මිලියන 229.18 ක් වේ.
කිලෝ 50 ක යූරියා පොහොර මිටියක් සඳහා රුපියල් 3550.31 ක මුදල් ද, ටී.එස්.පී.පොහොර මිටියක් සඳහා රුපියල් 3391.58 ක මුදලක් ද, එම්.ඕ.පී. පෙහොර මිටියක් සඳහා රුපියල් 3339.47 ක මුදලක් ද රජය වැය කරයි. එහෙත් කිලෝ 50 පොහොර මිටියක් සඳහා ගොවීන්ගෙන් අය කරන්නේ රුපියල් 500 ක මුදලකි. වගා කිරීමට නියමිත කුඹුරු ප්‍රමාණය මහා වාරිමාර්ග යෝජනා ක්‍රමය යටතේ කුඹුරු හෙක්ටයාර් 3611 ක් හෙවත් කුඹුරු අක්කර 9027.5 ක් ද, සුළු වාරිමාර්ග යෝජනා
ක්‍රමය යටතේ කුඹුරු හෙක්ටයාර් 4293 ක් හෙවත් කුඹුරු අක්කර 10732.5 ක් ද, වාර්ෂා පෝෂිත යෝජනා ක්‍රමය යටතේ කුඹුරු හෙක්ටයාර් 6496 ක් හෙවත් කුඹුරු අක්කර 16240 ක් ද වශයෙන් කුඹුරු හෙක්ටයාර් 14400 ක් හෙවත් කුඹුරු අක්කර 36000 කි.
මාතර දිස්ත්‍රික් පොහොර අනු කමිටුවේ සභාපති මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන්.එස්.කේ.වැල්ලහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති පොහොර අනු කමිටු රැස්වීමේ දී තීරණය කර ඇත්තේ 2019 මාර්තු මස 27 දිනෙන් අරඹා 2019 මැයි මස 15 දිනෙන් මාතර දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා බලප්‍රදේශ 22 හි ම ගොවීන්ට පොහොර නිකුත් කර අවසන් කළ යුතු බවටයි.
එසේ ම පිදුරු ගිණි තැබීම් සිදු නොකර ඒවා කුඹුරට ම පොහොර වීමට ඉඩ සලසන ලෙස ගොවීන්ට දැනුම් දීමට ද මෙහි දී තීරණය වූ බව කීර්ති අබේසිංහ මහතා වැඩිදුරටත් පැවසී ය.
DMU/Matara