ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    ''ප්‍රජා ජල අභිමානී'' වැඩසටහන යටතේ මී ඇල්ල පනන්වෙල ඒකාබද්ධ ප්‍රජා ජල ව්‍යාපෘතියට රු.මිලියන 54.32 ක්

    මාර්තු 30, 2019

    ගම් දහසකට සුරක්ෂිත පානීය ජලය ලබා දීමේ ප්‍රජා ජල අභිමානී වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික්කයේ හක්මණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මී ඇල්ල පනන්වෙල ඒකාබද්ධ ප්‍රජා ජල යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 54.32 ක මූල්‍ය ප්‍රතිපාදන වැය කෙරේ.

    ඒ රජයේ ප්‍රතිපාදන රුපියල් මිලියන 49.99 ක් හා ප්‍රජා දායකත්වය රුපියල් මිලියන 4.33 ක් වශයෙනි. ප්‍රජා ජල අභිමානී වැඩසටහනේ මාතර දිස්ත්‍රික් සමාරම්භක උත්සවය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පනන්වෙල ගම්මානයේ දී පැවැත්විණි.

    නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව ප්‍රජා ජල අභිමානී වැඩසටහන සඳහා මූල්‍ය ප්‍රතිපාදන සපයයි. මේ අවස්ථාවට නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නායකත්වය හා ප්‍රදේශවාසීන් සහභාගි වී සිටියහ.

    DMU/Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya