“නොකමු වසවිස රකිමු මව්බිම” තේමාව යටතේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය මාර්තු 30 සිට දින 03 ක් පුරා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත් වේ.
වසවිස නැති ජාතික පොළ සහ ප්‍රදර්ශනයේ අරමුණ වසවිසෙන් තොර රටක් හා තිරසර සංවර්ධන යුගයකට මුලපිරීමයි.
අත්කම් උපකරණ හා සැරසිලි නිෂ්පාදන ඇතුළත් සිය ගණනක ප්‍රදර්ශන කුටි, වෛද්‍ය සායන, පොත් ප්‍රදර්ශන, විශේෂ විද්වත් කතිකාවන් ඇතුළත් අංග රැසකින් ප්‍රදර්ශනය සමන්විතය.
ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවකට ද එක්වෙමින් කාර්ය මණ්ඩල සමඟ සුහද කථා බහක නිරත විය.
නිරෝගිමත් ජනතාවක් – වසවිස නැති රටක් ගොඩනැඟීම සඳහා වූ ප්‍රතිඥාව ප්‍රකාශයට පත් කිරීම ද මෙහිදී සිදු කෙරිණි.
ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ සභාපති පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.