ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    යොවුන් පුර 2019 සමාප්ති උලෙළ අගමැති ප්‍රධානත්වයෙන්

    මාර්තු 31, 2019

    දසවන යොවුන් පුර සමාප්ති උලෙළ ඊයේ (31) අති උත්කර්ෂවත් ලෙසින් වීරවිල පශු සම්පත් මණ්ඩල භූමි පරිශ්‍රයේදී පැවැත්විය.

    එම අවස්ථාවට ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූයේය. එහිදී අදහස් දක්වමින් අගමැතිතුමා ප්‍රකශ කළේ, හම්බන්තොට වරාය මේවන විටත් වෙළද මධ්‍යස්ථානයක් බවට පත් වී ඇති බවයි. එය ඊයේ(31) දින පෙරවරුවේ සිදුකළ හම්බන්තොට වරාය නිරීක්ෂණ චාරිකාවේදී හොඳින් දැකගත හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යොවුන් පුර සමාප්ති උළෙල අමතමින් ප්‍රකාශ කළේය.


    කැබින්ට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවිවාහක තරුණ තරුණියන්ට ඉඩම් බෙදා දීමේ හා ගොවි ජනපද ඇති කිරීම වැඩසටහන ද ක්‍රියාත්මක කිරීමට කටයුතු දියත් කරන බවත් යොවුන් පුර වැසියන් අමතමින්
    අගමැතිතුමා පැවසීය.

    මීට අමතරව හම්බන්තොට දිස්ත්‍රික්කයේ එල්.එම්.ජී. විදුලි බලාගාරයක් හා අක්කර 5000ක විශාල වෙලෙඳ කලාපයක්ද ඉදි කිරීමට නියමිත බවත් අගමැතිතුමා පැවසීය.

     

    තරුණ්‍යයට අපූරු අත්දැකීම් රාෂියක් ලබාදෙමින් තරුණ ජන ජීවිතයට ඉමහත් වටිනාකමක් එක් කිරීමට අගමැතිතුමා ඇති කළ යොවුන් පුර සංකල්පය හේතු වූ බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා යොවුන් පුර සමාප්ති උළෙලේදී පැවසුවේය.

    මෙවර යොවුන් පුර භූමිය වන වීරවිල පශු සම්පත් මණ්ඩල භූමියෙහි ලක්ෂ 3500ක පිරිවැයකින් ඉදි කිරීමට නියමිත නවීන පන්නයේ ක්‍රීඩා පිටියක්, මීටර් 400ක දිගින් යුත් පිහිනුම් තටාකයක් හා ගෘහස්ථ ක්‍රීඩාංගනයට මුල් ගල තැබීමට ක්‍රීඩා අමත්‍ය හරීන් ප්‍රනාදු මතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. එය මෙවර වීරවිර යොවුන් පුර ප්‍රතිලාභයක් ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    මීට අමතරව අග්‍රාමාත්‍ය තුමාගේ අමාත්‍යාංශ ප්‍රතිපාදන ලක්ෂ 7500 ක් වෙන් කරමින් මෙවර යොවුන් පුර භූමියෙහි නවීන පන්නයේ යොවුන් සංවර්ධන නිකේතනයක් ඉදි කිරීමට ද කටයුතු කරයි. ඒ සදහා ලක්ෂ 500ක මූලික ප්‍රතිපාදන මේ වනවිටත් වෙන් කර ඇති බවත් අමාත්‍යවරයා තව දුරටත් කීය.

    මෙම අවස්ථවේදී වරාය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අනාගත සංවර්ධනය උදෙසා යොවුන් පුරය ශක්තියක් වූ බවයි.

    දින පහක් පුරාවට ජාති භේදයකින් තොරව සහෝදරතවය වෙනුවෙන් සෑම දිස්තක්කයකින්ම පැමිණි තරුණ තරුණියන් කටයුතු කළ බවත් කිසිදු චෝදනාවක් නොමැතිව සමාප්තිය දක්වාම සියලු දෙනා එක්ව කටයුතු කළ බවද ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා පැවසීය.

    යොවුන් පුර පුරපති සසංක බදුගේ ප්‍රකාකළ පරිදි යොවුන් පුරය වීරවිල තාරුණ්‍යයට නව අරුතක් එක් කිරීමට විශාල දායකත්වයක් සපයා දුන් බවයි.

    එමෙන්ම යොවුන් පුර 2019ට සමගාමීව සමරු මුද්දරයක් හා සමරු ලිපිකවරය තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීමද මෙහි තවත් සුවිශේෂී අවස්ථාවක් විය.

    මෙම අවස්ථාවට ධීවර රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි, නගර සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් අතුලු සම්භාවනීය අමුත්තන් රැසක් සම්බන්ධ වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya