කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහල, කාසල්වීදියේ කාන්තා රෝහල ඇතුලු ළමා රෝග ඒකක ඇති රෝහල් 17 ක මෙම සැත්කම් සිදුකිරීමට නියමිතය.
හෘද රෝගවලට ගොදුරු වූ දරුවන්ගේ පෙණහළු අක්‍රීය වීම පාලනය කිරීම සදහා නයිට්‍රික් ඔක්සයිඩ් අවශ්‍ය බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යවරයාට පෙන්වා දෙන ලදි. ඒ ශ්‍රී ලංකා පරාජන්ම සංගමයේ නිලධාරීන් සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා හමුවූ අවස්ථාවේ දීය.
හෘද සැත්කම් සිදු කර ගැනීම සදහා දරුවන් 1000 කට ආසන්න සංඛ්‍යාවක් සිටින බව වෛද්‍යවරුන් මෙහිදී පෙන්වා දුන්හ. ඒ පිළීබදව ක්ෂණික අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යවරයා අවශ්‍ය යන්ත්‍ර සහ සිලින්ඩර කඩිනමින් ආනයනය කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය. දරුවන්ගේ සැත්කම් කඩිනමින් සිදු කළ යුතු බවත්, එය ප්‍රමාද කිරීම පාපකර්මයක් බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය. ආනයනය කිරීමට නියෝග කළ යන්ත්‍ර 01 ක් මේ වන විට කොළඹ කාසල්වීදියේ කාන්තා රෝහලේ ස්ථාපිත කර ඇත. කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලේ දිනකට දරුවන්ගේ හෘද රෝග සැත්කම් 06 ක් සිදු කරනු ලබයි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල්
ජාසිංහ, අතිරේක ලේකම් සුනිල් ද අල්විස්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, ශ්‍රී ලංකා පරාජන්ම සංගමයේ
සභාපති සුදන්ත පෙරේරා ඇතුලු වෛද්‍යවරුන් එක්ව සිටියහ.