අප්‍රේල් 18, 2025
tami eng youtube  twitter facebook

    කොට්ටාව- මාකුඹුර බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය ජනපති අතින් ජනතා අයිතියට

    අප්‍රේල් 01, 2019

    නව තාක්ෂණය සමග පොදු ප‍්‍රවාහන සේවාව ශක්තිමත් කිරීමේ දී අප රට තව පියවර රැසක් ඉදිරියට යා යුතුව තිබෙන බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ සුහුරු තාක්ෂණ ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයට මග පාදමින් ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුතුව ඉදිකෙරුණු කොට්ටාව- මාකුඹුර බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය   (31) පස්වරුවේ ජනතා අයිතියට පවරා දෙමිනි.

    මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ඉදි වූ මෙම ප‍්‍රවාහන මධ්‍යස්ථානය මගින් ජනතාවට බස් රථ, දුම්රිය සහ කුලී රථ සේවාව යන ප‍්‍රවාහන අවශ්‍යතා එකම ස්ථානයකින් සපුරා ගැනීමට හැකියාව ලැබේ. දක්ෂිණ අධිවේගි මාර්ගය ඔස්සේ කොළඹ දෙසට පැමිණෙන වාහන මෙම මධ්‍යස්ථානයේ නවතා දුම්රිය හෝ බස් රිය භාවිතා කරමින් තම ප‍්‍රවාහන අවශ්‍යතා ඉටුකර ගැනීමට මහජනතාවට අවස්ථාව සලසා ඇත.

    එල්.ඊ.ඞී. පුවරු මතින් නිරන්තරයෙන් ජනතාව දැනුවත් කිරීම, ජී.පී.එස් මගින්, මගීන්ට අවශ්‍ය දුම්රිය හෝ බස් රිය එම මොහොතේ ඇති ස්ථානය දැන ගැනීමට හැකිවීම, අන්තර්ජාලය මගින් ප‍්‍රවේශපත් වෙන් කිරීම. දුම්රියේ හා බස්රියේ එකම ප‍්‍රවේශ පත‍්‍රයකින් ගමන්කළ හැකිවීම, ස්වයං ප‍්‍රවේශ පත‍්‍ර ලබා ගැනීමේ පහසුව, විවේකාගාර, සනීපාරක්ෂක පහසුකම්, බැංකු පහසුකම්, ආපන ශාලා, ජනතාවට අවශ්‍ය බිල්පත් ගෙවීමේ මධ්‍යස්ථාන ආදි පහසුකම් රැුසක් මෙම බහුමාදිලි ප‍්‍රවාහන මධ්‍යස්ථානය මගින් ලබා ගත හැක. විධිමත් නඩත්තුවකින් හා කළමනාකරණ කි‍්‍රයාවලියකින් මෙය සමන්විත වන අතර, මධ්‍යස්ථානයේ සියලුම බල ශක්ති අවශ්‍යතා සුර්යකෝෂ මගින් සපුරා ගැනීම විශේෂත්වයකි.

    සමරු ඵලකය නිරාවරණය කර බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

    අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ මෙම මධ්‍යස්ථානය ඉදිකිරීම පොදු ප‍්‍රවාහන සේවාව ශක්තිමත් කිරීම වෙනුවෙන් තැබූ වැදගත් පියවරක් බවයි.

    කල්‍යාණ සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක පූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමින් වහන්සේ ද, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු මැති ඇමතිවරු රැුසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya