අප්‍රේල් 18, 2025
tami eng youtube  twitter facebook

    ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල අප්‍රේල් 10 බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේ දී

    අප්‍රේල් 01, 2019

    උසස් මාධ්‍ය සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරිම සඳහා මාධ්‍යවේදින් විසින් සිදු කරන මෙහෙවර සහ ඔවුන්ගේ නිර්මාණශිලී දායකත්වය ඇගයිම සඳහා  වන ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල 2019 අප්‍රේල් මස 10 දින ප.ව 4.00 සිට 7.00 දක්වා කොළඔ බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්‍ත්‍රණ ශාලාවේ දි  පැවැත්වෙයි.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මාන උළෙල පවැත්වෙන බව අද (01) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ  පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවිර මහතා පැවසීය.

    මෙම ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පැවැත්වෙන්නේ ප්‍රථවරටයි. 2017 වසරේ පුවත්පත් ,ගුවන්විදුලි,රූපවාහින හා වෙබ් යන ක්ෂේත්‍ර සඳහා දායකත්වය හා ප්‍රතිභාව දැක්වු මාධ්‍යවේදින් සඳහා  සම්මාන 47ක් පිරිනැමෙන අතර යාව ජිව සම්මාන 04ක් ද පිරිනැමේ.

     මෙහිදි අදහස් දැක්වු සුනිල් සමරවිර මහතා ප්‍රකාශ කර සිටියේ, සියලුම මාධ්‍ය ආයතන මේ සඳහා විශාල  දායකත්වයක් ලබා දුන් බවයි. ඒමෙන් සම්මානලාභීන් තෝරාගනු ලැබුවේ විද්වත් කමිටුවක් මඟින් බවත් මෙහි කිසිදු සම්මානලාභියෙකුට කිසිදු පෞද්ගලික හා දැනහැඳුනුම්කම් මත සම්මාන ලබා නොඳුන් බවත් පැවසීය. 

    මීට අමතරව Academic journal (අධ්‍යායන සංග්‍රහය) මිට සමගාමිව එළි දැක්විමට නියමිතය.

    මෙමගින් ක්ෂේත්‍රයේ දැවැන්තයින්ගේ අත්දැකිම් හුවමාරු කරගත හැකි වන බවත් මේ සියලු දේ සිදු කරන්නේ යහපත් මාධ්‍ය වෘත්තියකයින් පිරිසක් රට තුළ ගොඩ  නැඟිමට බවත් ලේකම්වරයා කීය.
    2018 ජුලි මස 13 වන දින මේ සඳහා පුවත්පත් දැන්විමකින් අයදුම්පත් කැඳ වු අතර අගෝස් 31 වන විට  අයඳුම්පත් භාර ගැනිම අවසන් කරනු ලැබීය. සම්මාන සඳහ අයඳුම්පත් 1674කි ලැබි තිබිණි.

    මෙම මාධ්‍ය හමුවට මහාචාර්ය පැක්ට්‍රික් රත්නායක මහතා ද එක්විය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya