එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එක් වූ අතර විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සහ මැති ඇමතිවරු පිරිසක් ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථයින්, මහාචාර්යවරුන්, ආචාර්යවරුන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඊට එක්ව සිටියහ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 60 වන සංවත්සරය වෙනුවෙන් සම්පාදන කෙරුණු ග්රන්ථ කට්ටලයක් උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විසින් එහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.