ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    ඉදිරි දිනවල සවස වැසි-අකුණු සහ තාවකාලික තද සුළං

    අප්‍රේල් 16, 2019

    ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya