මෙම අවස්ථාවට අමතරව ගන්නෝරුව රජමහා විහාරස්ථානයේ අලූතෙන් ඉදි වන වාහල්කඩ සඳහා මුල්ගල තැබීම හා විහාරස්ථානයේ දේව මන්දිරය විවෘත කිරීමද අමාත්‍යවරයාගේ ප්‍රධනත්වයෙන් සිදු කෙරිණි.
මේ අවස්ථාව සදහා නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා හා මහනුවර දිස්ත‍්‍රික්කයේ මැති ඇමතිවරුන් හා රාජ්‍ය නිලධාරීන් ඇතුලූ විශාල ජන පිරිසක් සහභාගී වූ අතර අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැමිණ සිටි ජනතාව අමතමින් නව වසර සඳහා පැමිණ සිටි සියලූ දෙනා වෙත සිංහල හින්දු අලූත් අවුරුදු සුබ පැතුම් එක් කළේ ය.
එහිදී රැස්ව සිටි ජනතාව ඇමතු අමාත්‍යවරයා;
මෙම ගන්නෝරුව ප‍්‍රදේශය ඵෙතිහාසික ප‍්‍රදේශයක්. මෙම ප‍්‍රදේශය තමයි උඩරට රාජධානිය ආරක්ෂාකර ගැනීම උදෙසා විශාලතම සටන ඇති වූයේ. ඉතිහාසයේ ඕලන්ද ජාතිකයින් උඩරට ප‍්‍රදේශය ආක‍්‍රමණය කළ වෙලාවේ ගන්නෝරුවේදීඕලන්ද හමුදා පන්දහසක් කන්ද උඩරට රජුගේ හමුදාව විසින් සමූල ඝාතනයට ලක් කළා. කන්ද උඩරට රාජධානියේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට අපේ රජවරු වගේම මෙම පළාතේ ජීවත් වූ ජනතාව දිවිහිමියෙන් කටයුතු කර තිබෙනවා. එක්දහස් පන්සිය පහ වසරේ පෘතුග‍්‍රීසීන් ලංකාවට පැමිණීමෙන් පසුව වසර එක්දහස් අටසිය පහලොව වන තුරු හතලිස් වතාවක් ඕලන්ද ජාතිකයින් පෘතුග‍්‍රීසීන් වැනි ජාතිකයින් උඩරට ප‍්‍රදේශය ආක‍්‍රමණය කිරීමට උත්සාහ කළා. ඒ වසර තුන්සියයක කාල සීමාව තුළදී යුරෝපීය ජාතීන්ට මෙම කන්ද උඩරට රාජධානිය යටත් කර ගැනීමට නොහැකි වුණා. මේ අවස්ථාවේ අපි ඔවුන් සිහිපත් කළ යුතුයි. වසර තුන්සියක් කියන්නේ ලොකු කාලයක්.ලොව කිසිදු රටක් ස්වාධීනත්වය වෙනුවෙන් මෙපණ කාලයක් සටන් කර රට ආරක්ෂා කරලා නැහැ. නමුත් වසර එක්දහස් අටසිය පහලොව වන විට මහනුවර සිටි පාලකයින්ගේ අසමගිය නිසා යුද්ධයකින් තොරව ගිවිසුමක් හරහා අධිරාජ්‍යවාදීන්හට රට පැවරුවා. නමුත් එම ගිවිසුමේ ස`දහන් වෙනවා බි‍්‍රතාන්‍ය ආණ්ඩුව බෞද්ධාගම ආරක්ෂා කිරීමටල ප‍්‍රදේශයේ සිරිත් විරිත් ආරක්ෂා කිරීමටල කන්ද උඩරට සම්ප‍්‍රදායන් ආරක්ෂා කිරීමට බි‍්‍රතාන්‍ය ජාතිකයින් බැදී සිටින බව. නමුත් එක්දහස් අටසිය පහලොවේ ගිවිසුම අත්සන් කර ටික කලක් යන විට මෙම කන්ද උඩරට පළාත් වල ජනතාවට දැනුනා ඒ ගිවිසුම් ප‍්‍රකාරව කටයුතු සිදු නොවන බව. එම නිසා එක්දහස් අටසිය දහ අටේ හා එක්දහස් අටසිය හතලිස් හතේ විශාල කැරැුල්ලක් නිර්මාණය වුණා. අද සමහරුන් කියනවා ශ‍්‍රී ලංකාවේ අය නිදහස වෙනුවෙන් සටන් කෙළේ නැහැ කියලා.නමුත් මම කියනවා නිදහස් සටන ආරම්භ කළේ එක්දහස් අටසිය දහ අටේ කියලා. එක්දහස් අටසිය දහ අටේ කැරැල්ල තමයි සිංහලයාගේ නිදහස වෙනුවෙන් පැවති කැපවීම යැයි ද පැවසීය.