සියලුම ජන ක්‍රීඩා වලින් සමන්විත වන මෙම සමෘද්ධි බක්මහ උළෙලට සමගාමීව දිවයින පුරා පිහිටුවා ඇති සමෘද්ධි බැංකු 1074 ක අප්‍රේල් මස 21 වන ඉරු දින මුළු දිවයිනම ආවරණය වන පරිදි ජාතික බක්මහ උළෙලවල් පැවැත්වීමට කටයුතු යොදා තිබීම මෙහි විශේෂත්වයකි.
ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතාගේ සංකල්පයක් මත මෙම ජාතික අවුරුදු අසිරිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, සමෘද්ධි ප්‍රතිලාභීන්ට මෙන්ම ප්‍රදේශයේ ජීවත්වන සිංහල, දමිළ ඕනෑම ජාතියකට මෙම ජාතික ක්‍රීඩාවන් සඳහා සහභාගී විය හැකිය.
අප්‍රේල් මස 20 වනදා අම්පාර එච්. එම්. වීරසිංහ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය සහභාගී වීමට නියමිතය.