අද (21) දින දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වු පිපිරීම් සම්බන්දයෙන් දැනුවත් කිරිමේ මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
රජය බලවත් කණගාටුව ප්‍රකාශ කරනවා. තුවාල ලැබූ පිරිසට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.සිද්ධිය පිළිබඳ පුළුල් පරීක්ෂණ ආරක්ෂක ආරම්භ කර තිබෙනවා. කට කතාවලට නොරැවටී විමර්ශන සඳහා සහාය ලබාදෙන
ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
සමකාමීව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.සිද්ධියට සම්බන්ධ සියලු දෙනාම අත් අඩංගුවට ගන්නට කටයුතු කරනවා.මේ රට තුළ කිසිදු අන්තවාදී සංවිධානයකට වැඩකටයුතු ක්‍රියාත්මක කරන්නට ඉඩ දෙන්නේ නෑ.ඒ සඳහා ශක්තිය යොදවා ක්‍රියා කරනවා.ගුවන්තොටුපල හා අනෙක් ස්ථානවලට නිසි ආරක්ෂාව සලසා තිබෙනවා. හදිසි වෙන්න එපා. කටකතාවලට හසු වෙන්න එපා යැයි ද අමාත්‍යවරයා පැවසී ය