පොලිස් මාධ්‍ය ප්‍රකාශක අද (21) සවස ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති නිල මාධ්‍ය හමුවේ දී මේ බව කීය.
මියගිය පොලිස් නිලධාරීන් අතර කොළබ අපරාධ කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂකවරයකු සිටින බවත් පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් සිටින බවත් කීය. තවත් පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. අද සවස දෙමටගොඩ ප්‍රදෙශයේ පිපිරීමක් වාර්තා විය.එහි මෙහෙයුම් අතරතුරු මෙම නිලධාරීන් ජීවිතක්ෂයට පත්ව තිබේ.