ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    මාලදිවයින් විදේශ කටයුතු රාජ්‍ය ඇමැති අගමැති හමුවෙයි

    අප්‍රේල් 22, 2019

    මාලදිවයින් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අහමඩ් කලීල් (Hon. Ahmed Khaleel) මහතා අද (22) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ.

    ශ්‍රී ලංකාවේ සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් මාලදිවයින් ජනාධිපතිවරයාගේ සහ ජනතාවගේ කණගාටුව පළකළ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අහමඩ් කලීල් (Hon. Ahmed Khaleel) මහතා ශ්‍රී ලංකාවට ඕනෑම උපකාරයක් කිරීමට මාලදිවයින සූදානම් බව ද පැවසීය.

    ශ්‍රී ලංකාවේ සිටින මාලදිවයින් ජනතාව මෙරට රැදී සිටින අතර, පෙර පරිදිම මාලදිවයින් ජනතාව ශ්‍රී ලංකාවට පැමිණෙන බව ද සඳහන් කළේය. කොළඹ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබෙන බව දැකීම සතුටට කරුණක් බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයින් ජනාධිපතිවරයාට හා එරටේ ජනතාවට සිය ස්තුතිය පළ කරන බව පැවසීය. මෙම අවස්ථාවට මාලදිවයිනේ ශ්‍රී ලංකා තානාපති ඔමාර් අබ්දුල් රසාක් (H.E. Omar Abdul Razzak) මහතා ද එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya