ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    ශෝකය පළ කරමින් සෑම විහාරස්ථානයකම සුදු කොඩියක් ප්‍රදර්ශනය කිරීමට තීරණය කරයි

    අප්‍රේල් 24, 2019

    හෙට සිට සෑම විහාරස්ථානයකම සුදු කොඩියක් ප්‍රදර්ශනය කිරීමට තීරණය කරයි

    පසුගිය ඉරිදා (21)එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය අයගේ අභාවයන් පිළිබඳ ව ශෝකය පළ කරමින් දිවයින පුරා සෑම විහාරස්ථානයකම සුදු කොඩියක් ප්‍රදර්ශනය කරන ලෙස බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මහානායක ස්වාමීන් වහන්සේලා දැනුවත් කර තිබේ.

    වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මෙම ඛේදනීය සිද්ධිය සම්බන්ධව බලවත් කණගාටුව ප්‍රකාශ කරන බවත් ජාතික සංහිඳියාව ඇති කරමින් කුමන්ත්‍රණකාරී ජාත්‍යන්තර සහයෝගීතාවලට එරෙහිව එකම ජාතියක් ලෙස සහයෝගීව කටයුතු කළ යුතු බවයි. ග්‍රාමීය වශයෙන් එක් වී ඉවසිලිවන්තව බෞද්ධ ජනතාව ක්‍රියා කළ යුතු බවත් ජයවික්‍රම පෙරේරා මහතා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ඊයේ (23) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

    මෙවර ජාතික වෙසක් උත්සවය කිසිදු හේතුවක් නිසා අහෝසි නොකරන බවත් බුදු රජාණන් වහන්සේ කැලණියට හා ශ්‍රී පාදස්පර්ශයට වැඩම කර වසර 2600ක් සපිරෙන මෙවර වෙසක් උත්සව සැමරුම සමරන් බවත් අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.
    මෙවර වෙසක් කලාප පැවැත්වීම සම්බන්ධව සියලු කටයුතු ආරක්ෂක අංශ ලබා දෙන උපදෙස් පරිදි පිළිපදින ලෙසත් අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් කීය.

    පසුගියදා එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය අයගේ අභාවය පිළිබඳ ව සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සාතීශය සංවේගය ප්‍රකාශ කිරීමට කැමතිබව කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති, සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති ඇල්විටියාවේ කුසලධම්ම නාහිමි පැවසීය.
    මේවනවිට රෝහල් ගත වී සිටින්නන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් අද (24) සවස 6.00ට සෑම විහාරස්ථානයකම බෝධි පූජාවක් පවත්වන ලෙසත් විහාරස්ථානවල ආරක්ෂාවට සෑම ගමකම සිවිල් ආරක්ෂක කමිටු එක් ව ආරක්ෂක අංශයට සහයෝගය දක්වන ලෙසත් කුසලධම්ම නාහිමි තව දුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    මෙම අවස්ථාවට සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ගෝණදූවේ ගුණානන්ද ස්වාමීන් වහන්සේ සහ බුද්ධ ශාසන අමාත්‍ය උපදේශක මහාචාර්ය නිමල් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් සම්බන්ධ වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya