මහජන ආරක්ෂාව ආඥාපනත යටතේ යෝජනාව විවාදයට එක්වෙමින් රාජ්‍ය අමත්‍යවරයා මේ බව පැවසී ය.
බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් වූ සියලු දෙනාටම ශෝකය පළ කරනවා. අද වනවිට ප්‍රහාරවලින් පුද්ගලයන් 350කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වෙලා. මේක ආගමකට හා ජාතියකට සීමා වූ මරණ නොවේ. අපේ රටේ තිබුණු සාමය සුණු විසුණු වෙලා විශාල ප්‍රශ්නයකට මුහුණ දීලා. අනාරක්ෂිත තත්ත්වයක් තිබෙද්දි, මහජන නියෝජිතයන් ලෙස වගකීමෙන් කටයුතු කරලා රටේ ජනතාවට මෙයින් ගොඩ ඒමේ වාතාවරණයක් සකස් කළ යුතුයි. රටේ ජනතාවට නැවත ජීවත්වීමේ අයිතිය තහවුරු කර ඉදිරියට යා යුතුයි. ත්‍රස්තවාදී උවදුර කඩිනමින් මැඬපවත්වන්න කටයුතු කළ යුතුයි. මෙය සුළු කොට තැකිය නොහැකියි යැයි ද අමාත්‍යවරයා පැවසී ය.