පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ ආරක්ෂක අංශ සිදුකරන මෙහෙයුම් සඳහා සහය ලබාදීමට මෙන්ම රටතුළ ආරක්ෂාව තහවුරු කිරීමේ වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සදහාත් මෙම පියවර ඉතා වගකීමෙන් ඉටුකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද රාජ්‍ය අමාත්‍යවරයා නියෝග කර තිබේ.
පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග ආරක්ෂක අංශ සිදුකරන මෙහෙයුම් සදහා සහය ලබාදීමට මෙන්ම රටතුළ ආරක්ෂාව තහවුරු කිරීමේ වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සඳහාත් මෙම පියවර ඉතා වගකීමෙන් ඉටුකිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසද රාජ්‍ය අමාත්‍යවරයා නියෝග කර ඇත.
මෙම ආරක්ෂක කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය මෙන්ම පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ සමඟ මනා සම්බන්ධීකරණයකින් අදාළ ආරක්ෂක අංශවලට අත්‍යවශ්‍ය සැකකටයුතු යම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් රටින් බැහැරව යාම වැළැක්වීම සදහා සියලු ධීවර වරායන් වෙත පැමිණෙන පිරිස් හා පුද්ගලයින් පිළිබඳව දැඩි අවධානය යොමුකර ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීමට කටයුතු කිරීම සියළු ධීවර වරායන්හී ආරක්ෂක අංශ කටයුතු කළයුතු සේම , ධීවර යාත්‍රා උපයෝගී කරගනිමින් රටතුළට පැමිණෙන සහ රැගෙන එන භාණ්ඩ පිළිබදවද දැඩි අවධානය යොමුකර කටයුතු කිරීම සදහා සියලු ධීවර වරායන් ආශ්‍රිතව ආරක්ෂක කම්ටු පිහිටුවා අවශ්‍ය තොරතුරු ලබාගැනීමට කටයුතු කළයුතු බවටත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා උපදෙස් ලබා දී ඇත.
එලෙසම යම් ධීවර යාත්‍රාවක් බාහිර පුද්ගලයන්ට භාවිත කළ නොහැකි ලෙස ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසටද ධීවර වරාය නීතිගත සංස්ථාවට උපදෙස් දී තිබේ