ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    සියලු දේශපාලන බලවේග එකට එකතු විය යුතුයි- අමාත්‍ය පාඨලී චම්පික රණවක

    අප්‍රේල් 24, 2019

    විශේෂ ආරක්ෂක ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බවත් ත්‍රස්තවාදය පරාජය කිරීමට සියලු දේශපාලන බලවේග එකට එකතු විය යුතු බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (24)පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනාවේ විවාදයට එක්වෙමිනි.

    එල් ටී ටී ඊ එක බිහිවීමට අරමුණක් තිබුණා. මේ අයි එස් ත්‍රස්තවාදය අරමුණ උපරිම විනාශය මේ ලෝකයට ගෙන ඒමයි. එය අවබෝධ කර ගෙන කටයුතු කළ යුතුයි. සමූල ඝාතනය කරනවා නම්, ඒ සඳහා අනිවර්යෙන් ම මැදිගත් විය යුතුයි. මෙය ත්‍රස්තවාදී ප්‍රශ්නයක්. එයට ඒ ආකාරයේ ආරක්ෂක විධිවිධානවලින් මුහුණ දිය යුතුයි.

    විශේෂ ආරක්ෂක ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. මේ අයට ධනය ආයුධ එන්නේ කොහොමද කියා සොයා බැලිය යුතුයි.පුද්ගලයින් මේ රටට පැමිණීම ගැන විමසිලිමත් විය යුතුයි. අද තියෙන්නේ BMW වලින් ඇවිත් හෝටල් පුපුරුවන තත්ත්වයක්. මෙය පරාජය කිරීමට සියලු දේශපාලන බලවේග එකට එකතු විය යුතුයි යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya