ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    බෝම්බ ප්‍රහාරවලින් ජිවිතක්ෂයට පත්වු අය සිහි කරමින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි සර්ව ආගමික වතාවත්

    අප්‍රේල් 25, 2019

    පාස්කු ඉරිදා බැතිමතුන් ඇතුඵ ජනතාව ඉලක්ක කරගන සිදුවු බෝම්බ ප්‍රහාරවලින් ජිවිතක්ෂයට පත්වු අය සිහි කරමින් සර්ව ආගමික වතාවත් සිදුකර පිං පැමිණවීම සඳහා විශේෂ ආගමික උත්සවයක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි සිදු කෙරිණ.

    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්. පුෂ්පකුමාර මහතාගේ මගපෙන්වීම මත සිදුකළ මෙම සර්ව ආගමික පිං පැමිණවීමේ අවස්ථාවේ දි බෞද්ධාගමික වතාවත් අනුව පාන්ශ කුලය ලබාදීම නුවරඑළිය දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි පුජ්‍ය දඔගොල්ලේ සේනානන්ද හිමියන් විසින් සිදු කළහ. දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්. පුෂ්පකුමාර මහතා ප්‍රමුඛ දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරින් විසින් මතක වස්ත්‍ර පුජා කිරීමෙන් අනතුරුව පැන් වැඩිම සිදුකලහ.

    ඉන් අනතුරුව නුවරඑළිය මුස්ලිම් පල්ලියේ ප්‍රධාන පුජක බි.එම්. අන්නාස් මව්ලවි තුමන් විසින් මුස්ලිම් ආගමික වතාවත් අනුව පිං පැමිණවීම සිදුකලහ. හාවාඑළිය මුත්තුමාරි අම්මාන් කොවිලේ ප්‍රධාන පුජක ශීවරාජා සර්මා පුජකතුමා විසින් මෙහිදි හිංදු ආගමික වතාවත් සිදුකලහ.

    මෙහිදි විශේෂ අනුශාසනාවක් සිදු කල නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පුජ්‍ය කිරිඔරුවේ ධිරානන්ද හිමියන් සඳහාන් කලේ පාස්කු ඉරිදා දේව මෙහෙයන් සිදුකල බැතිමතුන් ඇතුඵ අහිංසක දෙස් විදේස් ජනතාව ඉලක්ක කරගන සිදුවු බෝම්බ ප්‍රහාරවලින් ජිවිතක්ෂයට පත්වු සැමට බෞද්ධාගමිකයන් ලෙස උතුම් වු නිර්වාණය ප්‍රර්ථනා කරණ බවත්, විපතට පත් සැමට ඉක්මන් සුවය ප්‍රර්ථතනා කරණ බවත් පැවසුහ.

    මෙම අවස්ථාවට දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක මාකදුරේ රථන හිමියන් ප්‍රමුඛ මහ සංඝරත්නය, අතිරේක දිස්ත්‍රික් ලේකම් පි.ඒ. සරත්චන්ද්‍ර මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරින් ප්‍රමුඛ විශාල පිරිසක් සහභාගි වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya