ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook

      යොවුන් සම්මානයට අයදුම්පත් බාර ගැනීම අරඹයි

    අප්‍රේල් 26, 2019

    ජාතික තරුණ සේවා සභාව විසින් 41 වැනි වරටත් පවත්වනු ලබන යෞවන සම්මාන තරඟාවලියට අයදුම්පත් බාර ගැනීම මේ දිනවල සිදුකරන බව ජාතික තරුණ සේවා සභාවේ මාතලේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ එල්.කේ රත්නායක මහතා පැවැසීය.

    වයස අවුරුදු. 13ත් 29ත් අතර තරුණ තරුණියන්ට මෙම තරග සදහා ඉදිරිපත් විය හැකිය.

    නර්තන, සංගීත, සාහිත්‍ය ඇතුළු අංශ රැසක් යටතේ තරග පවත්වනු ලබයි. නර්තන අංශය යටතේ උඩරට, පහතරට, සබරගමු, භරත, කථක්, ජන නැටුම්, නව නිර්මාණ ඉදිරිපත් කළ හැකි අතර සංගීත අංශය යටතේ ශාස්ත්‍රීය වාදන, ගායනා, ජන ගායනා , යොවුන් ගායනා, බටහිර වාදන, ගායන ආදි අංගවලින් තරගයට ඉදිරිපත් විය හැකිය.

    සාහිත්‍ය අංශය යටතේ ගීත රචනා, පද්‍ය රචනා, ගද්‍ය රචනා, කෙටි කතා, නව කතා, ළමා සාහිත්‍ය කෘති ආදිය ඉදිරිපත් කළහැකිවේ. එමෙන්ම නාට්‍ය, චිත්‍ර මුර්ති, කැටයම්, ඡයාරූපණ, කථික, නිවේදන ඇතුළු තරග ඉසව් රැසක් මෙවර යොවුන් සම්මාන උළෙලට ඇතුළත් වේ.

    විවිධ ක්ෂෙත්‍රවල යෞවන සම්මාන තුළින් කලා ලොවට පිවිසි ජනප්‍රිය, ප්‍රවීණ කලාකරුවන් රැසක් ඇති බවත්, මෙම යෞවන සම්මාන උළෙලට සහභාගි වී තම දක්ෂතාවයන් ජනගත කරන ලෙසත් සහකාර අධ්‍යක්ෂ එල්.කේ රත්නායක මහතා මාතලේ දිස්ත්‍රික්කය පුරා විසිරි සිටින තරුණ තරුණියන්ගෙන් ඉල්ලීමක් කරයි.

    DMU/Matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya