ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අයට සෙත් පතා රුවන් වැලි මහා සෑය අභියස දී ආශිර්වාද පූජාවක්

    අප්‍රේල් 26, 2019

    පාස්කු දින සිදු කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පිරිසට පිං පැමිණවීමේ ආශීර්වාද පූජාවක් අද (26) උදෑසන රුවන්වැලි මහා සෑය අබියස දී පැවැත්විණ.

     එය පැවැත්වූණේ, උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේ ගේ අනුශාසනා පරිදියි. රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මේ අවස්ථාවට වැඩම කළහ. ප්‍රහාරමාලාවේ දී මියගය අයට පිං පමුණුවා , මතක වස්ත්‍ර පූජා කර , පැන් වැඩීම සිදුකලේ, උතුරු මැද පළාත් ආණ්ඩුකාරවර ගරු සරත් ඒකනායක, දිස්ත්‍රික් මහ දිසාපති නීතීඥ ආර්.එම්.වන්නිනායක යන මහත්වරුන් ඇතුලු පිරිසක් විසිනි. 

    ප්‍රහාරයෙන් තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය පතා මහා සංඝරත්නය විසින් පිරිත් සජ්ඣායනයක් ද සිදු කළහ.

    මෙම කුරිරු ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට දින හයක් ගතවේ. ඔවුන් ප්‍රහාරයට ලක් වූ වෙළාවට ම මෙම ආශිර්වාද පූජාව පැවැත්වී ය. මේ අවස්ථාවට අනුරාධපුර ශාන්ත ජෝශප් ආසන දෙව්මැදුරෙහි ශ්‍රී ලාල් ක්‍රිෂාන්ත හා දිලීප එරංග යන පූජක තුමන් දෙපළ ද සහභාගී වීම විශේෂත්වයකි. මෙහිදී අනුශාසනා කළ රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් සඳහන් කළේ , මුලු ලෝකයම කම්පාවට ලක් වූ මෙම සිද්ධිය පොදුවේ සමස්ත ශ්‍රීලංකාවට ම සිදු වූ අභාග්‍ය සම්පන්න සිදුවීමක් බවයි. මිය ගිය හා තුවාල ලැබූ සියලු දෙනා අපේම නෑදෑයින් සේ සලකා මෙම පිං පැමිණවීම හා ආශීර්වාද පූජාව සිදු කළ බව ද උන් වහන්සේ සඳහන් කළේ ය.

    මේ අවස්ථාවට වැඩම කළ උතුරු , උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නා හිමිපාණෝ ද අදහස් දැක්වූ හ. උන් වහන්සේ සඳහන් කලේ ,  මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා සේම , මෙවන් ප්‍රහාර එල්ල වීමට හේතු වී තිබෙන ජනතා හදවත් හී තුවාල සුවපත් කිරීම ඉතා වැදගත් බවයි.

    මෙම ආශීර්වාද පූජාව පිළිබඳව අදහස් දක්වමින් අනුරාධපුර මහ දිසාපතිවරයා සඳහන් කළේ, මෙබදු පිංකම් පැවැත්වීම තුළින් ආගමික වශයෙන් පවතින සහජීවනය පිළිබඳව ජනතාව අවබෝධ කරගත යුතු බවය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya