මුදල් අමාත්‍යවරයා ඊයේ සවස මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේ දීමේ බව අනාවරණය කර තිබේ.
ඇමෙරිකාවේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයනතයෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක් ලබාදීමට තීරණය කර තිබෙන බව කී අමාත්‍යවරයා,ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙරටට ලැබුණු විශාලතම ප්‍රදානය මෙය බවද කීය.
පවතින තත්ත්වය පිළිබඳ පැහැදිළි කළ අමාත්‍යවරයා, අතළොස්සක් ත්‍රස්තවාදීන් නිසා මුස්ලිම් ජාතිකයන් විශාල පිරිසක් අසීරුවට පත්ව තිබෙනවා යැයි ද කී අමාත්‍යවරයා,ලෝකයේ සෑම රටකටම තර්ජනයක් වී තිබෙන ලෝක ත්‍රස්තවාදයට අපට ද මුහුණ දීමට සිදුව තිබෙන බව කීය.
මෙයට මුහුණ දීම සඳහා නව උපක්‍රම හා නව තාක්ෂණය සහිත ලෝකයේ බුද්ධි අංශ සමඟ එකතු වී කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා ද එක් විය.