ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පවතින පීඩන අවපාතය පොතුවිල් සිට ගිනිකොණ දෙසින් කි.මී 950 පමණ දුරින් උතුරු අක්ෂාංශ 2.5 ත් නැගෙනහිර දේශාංශ 89.6 ත් ආසන්නව ස්ථානගතව පවතී.
මෙම පද්ධතිය ඉදිරි පැය 24 තුලදී ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී පසුව සුළි කුණාටුවක් දක්වා වර්ධනය වේ යයි බලාපොරොත්තු වේ. මෙම පද්ධතිය ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරය ආසන්නයෙන් වයඹ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇත.
බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සෙසු පළාත්වල තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී.75 ක පමණ තරමක තද වර්ෂාපතනයන් ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.