මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා ප්‍රකාශ කළේ, පාස්කු ඉරිදා සිදු වු බෝම්බ ප්‍රහාරය තම සංගමය හෙළා දකින බවයි.මිට අමතරව,ඉන් පීඩාවට පත් වු සියලු දෙනාට ම තමා කණගාටුව පළ කරන බව පැවසීය.
මෙහිදි අප සංගමය මෙවැනි ප්‍රශ්න උද්ගත වි ඇති මොහොතක දි සියලු මාධ්‍යයන් එක්වි ඉතා ප්‍රවේශවෙන් එය වාර්තා කළා.මෙමගින් රටේ සැබැ සාමය හා සැබැ සහෝදරත්වය ඇති කිරිමට අප සංගමය උත්සහ දරනවා.රටේ සාමය පැවැතුනොත් තමයි රට ඉදිරියට ගෙන යන්න හැකි වන්නේ.ත්‍රස්තවාදින්ට අවශ්‍ය රට දෙකට කරන්න එයින් ඔවුන්ට තමාගේ අරමුණු ඉටු කර ගැනිමට හැකි වන බව පැවසු ඒ මහතා,මේ අවස්ථාවේදි මෙවැනි ව්‍යාවසනයක් වාර්තා කළ සියලු ම මාර්ධ්‍යෙව්දින්ට තමා ස්තුතියි පළ කරන බව සභාපතිවරයා පැවසිය.
මේ අවස්ථාවට එක් වු මෙම සංගමයේ ලේකම් ලක්සිරි වික්‍රමසිරි මහතා පවසා සිටියේ,මෙම සංසදය ඇති කිරිමට මුලික වුයේ ඩෙංගු මර්දනය සඳහා අත්වැල් බැඳ ගැනිමෙන් පසුවයි. ඉන් අනතුරුව,රටේ පැවැති ව්‍යාසනයක් වල ද,ප්‍රශ්න වලදි අප සංගමය එක් වි කටයුතු කළ බව පැවසු ලේකම්වරයා,එක් එක් නාලිකාවන් යම් තරඟයක යෙදි සිටියත් මේ අවස්ථාවේ දි ඒවා පසෙක දමා මෙම ව්‍යාවසන අවස්ථාවට එක් වී කටයුතු කරන බවයි.එකට එකතු වුනිසා මෙම තත්ත්වය සමනය වු බව ද කීය.
මේ අවස්ථාව ශ්‍රි ලංකා විද්‍යුත් මාධ්‍ය ප්‍රකාශකයිනගේ සංසදයේ උපදේශ හා නිතිඥ රවි ජයවර්ධන මහතා ,විධායක කිමිටු සාමාජිකයින් ලෙස මාධ්‍ය ආයතනවල ඉහළ නිලධාරින් හා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා සහභාගි වුහ.