ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    අගරදගුරු තුමන් මෙහෙයවන ඉරු දින දේව මෙහෙය අදයි

    අප්‍රේල් 28, 2019

    රට තුළ පවතින තත්ත්වය නිසා සියලු දේවස්ථානවල දේව මෙහෙයන් නොපැවැත්වෙන බැවින් කතෝලික ජනතාව වෙනුවෙන් විශේෂ ඉරුදින දේව මෙහෙයක් අද දින පැවැත්වීමට නියමිතව ඇත.

    අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ දේව මෙහෙය පෙ.ව.8.00 සිට ආරම්භ වෙයි

    උදැසන දේව මෙහෙය අගරඳගුරුතුමාගේ ප්‍රධානත්වයෙන්  ආරම්භ වූ අතර දේවමෙහෙය අමතමින් උන්වහන්සේ ප්‍රකාශ කළේ,

    හැම කෙනෙක් ම වටිනා කෙනෙක්.දෙවියන් වහන්සේ මැව් හැම කෙනෙක් ම වටිනා කෙනෙක්.හැම ළමයෙක් ම උපදින අපට ලබාදෙන මහගුම තිළිණයයි.දෙවියන් වහන්සේ ලබන තිළිණ ලබන්න සුදුස්සො නොවෙයි අප කරන දේවල් බැලුවම.අපිට අනෙක් අයව ඕන. මනුෂ්‍යා තනිව සිටීම සුදුසු නොවේ කියා දෙවියන්වහන්සේ කියා තිබෙනවා. දෙවියන්වහන්සේගේ නමින් තවත් කෙනෙකු නසන්නට බැහැ .අපේ මනුෂ්‍යත්වය ශක්තිමත් වන්නේ අපේ සහෝදරත්වය තුළයි. ආකාශයෙන් අපව කවුරුත් බිමට දාන්නේ නෑ. අම්මා කෙනෙකුගේ කුසකින් අපව බිහිවන්නේ. අපි විශාල සමාජය තුළ බිහිවෙනවා. මේක තමයි මනුෂ්‍ය ජීවිතය තුළ තිබෙන උතුම් බව. එදා සිදු වූ සිදුවීම මනුෂ්‍ය සංහතියටම කළ පරිබවයක්. යැයි ද අගරදගුරුතුමා ප්‍රකාශ කළහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya