ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    වෙරළබඬ හා ඉන්දු ලංකා මුහුදු සීමාව ආශ්‍රිතව ආරක්ෂාවට නාවික හමුදාව සීරුවෙන්- ධීවර කටයුතුවලට යෑමේදි ලියකියවිලි රැගෙන යන්න

    අප්‍රේල් 28, 2019

    වෙරළබඬ හා ඉන්දු ලංකා මුහුදු සීමාව ආශ්‍රිතව මෙහෙයුම් හා යාත්‍රා යෙදවීම් තරකර මෙම ප්‍රදේශවල ආරක්ෂාව තර කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කර තිබෙන බවත් ධීවර කටයුතුවලට පිටත්ව යෑමේ දී රැගෙන යා යුතු නීත්‍යාණුකූල ලියවිලි,ජාතික හැදුනුම්පත් රැගෙන යන ලෙස දන්වා තිබෙන බවද ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පවසයි.

     ශ්‍රී ලංකා නාවික හමුදාව සෘජුවම මෙහෙයුම් වලාට අවශ්‍ය සහයෝගය ලබාදෙනවා. විශේෂයෙන් ම වෙරළබඬ හා ඉන්දු ලංකා මුහුදු සීමාව ආශ්‍රිතව ශ්‍රී ලංකා නාවික හමුදාව සිදු කළ මෙහෙයුම් හා යාත්‍රා යෙදවීම් තරකර මේ ප්‍රදේශවල ආරක්ෂාව තර කර තිබෙනවා. නැඟෙනහිර වෙළඳ තීරය හා එම කලාපය තුළ අමතර යාත්‍රා සහ බට කණ්ඩායම් යොදවමින් ආරක්ෂාව තර  කිරීමට පියවර ගෙන තිබෙනවා.

    උතුරු මුහුදේ සිදු කරන මෙහෙයුම් සඳහා ඉන්දියානු වෙරළාරක්ෂක බලකායත් සිය සහයෝගය ප්‍රකාශ කර  තිබෙනවා.ඔවුන්ගේ සහාය ලබාදීමට කැමැති බව නාවික හමුදාවට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

    රටේ ප්‍රධාන වරායන්වලට අමතරව ධීවර වරායන්වල ආරක්ෂාවත් නාවික හමුදාව කටයුතු කරනවා. මේ සඳහා වෙරළාරක්ෂක බලකායෙත් ඉහළ සහයෝගයක් ලැබෙනවා. ධීවර කටයුතුවලාට් පිටත්ව යෑමේ දී රැගෙන යා යුතු
    නීත්‍යාණුකූල ලියවිලි,ජාතික හැදුනුම්පත් ආදී ලියකියවිලි රැගෙන යන ලෙස දන්වා තිබෙනවා.මුහුදේ දී ධීවර යාත්‍රා පරික්ෂා කිරීමට  සිදු වෙනවා.එවැනි අවස්ථාවල ඔබගේ අනන්‍යතාවය හා යාත්‍රාවල අනන්‍යතාවය සඳහා ලියකියවිලි ඉදිරිපත් කළ  යුතු යැයි ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya