අප්‍රේල් 20, 2025
tami eng youtube  twitter facebook

    අම්පාර දිස්ත්‍රික්කයට අවශ්‍ය ඖෂධ හා ශල්‍ය උපකරණ කඩිනමින් යොමු කිරීමට පියවර

    අප්‍රේල් 29, 2019

    අම්පාර දිස්ත්‍රික්කයේ පවතින තත්ත්වය මත හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ප්‍රතිකාර කිරිම සදහා අවශ්‍ය ඖෂධ සහ ශල්‍ය උපකරණ තොගයක් දිස්ත්‍රික්කයේ රෝහල්වලට කඩිනමින් ලබාදුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    අම්පාර මහ රෝහල, කල්මුණේ උතුර මුලික රෝහල, කල්මුණේ අෂ්රෝෆ් මහ රෝහල සහ ප්‍රාදේශීය ඖෂධ ගබඩා වෙත එම ඖෂධ හා ශල්‍ය උපකරණ සෙනසුරාදා රාත්‍රියේ ම ලබාදුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරයි.

    තවත් ඖෂධ අවශ්‍ය වුවහොත් කොළඹ වෛද්‍ය සැපයුම් අංශයෙන් ලබාදීමට ද නියමිතය. එම දිස්ත්‍රික්කයේ සියලුම රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩල ද ප්‍රතිකාර සේවාවන් සදහා සීරුවෙන් තබා ඇති බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya