2019 අප්‍රේල් මස 21 දින සිදු වූ ප්‍රහාර වලින් මරණයට පත් වූ සහ තුවාල ලැබූ පුද්ගලයන් හා හානියට පත් දේපළ වෙනුවෙන් වන්දි ලබා දිමට සහ හානියට පත් දේවස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය වියදම් ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන,උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින හානිපූර්ණය සඳහා වන කාර්යාලය මඟින් සිදු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
ප්‍රහාර වලින් මියගිය පුද්ගලයන් වෙනුවෙන් එක් අයෙකුට රුපියල් මිලයනයක් බැගින් වන්දි මුදලක් ගෙවීමට සහ ප්‍රහාර වලින් තුවාල ලැබූ පුද්ගලයින් වෙනුවෙන් එක පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 05ක උපරිමයකට යටත්ව වන්දි ගෙවීම හානිපූර්ණය සඳහා වන කාර්යාලය මගින් සිදු කිරීමට අමාත්‍යංශ අනුමැතිය හිමි වී ඇති බව අමාත්‍යංශ ලේකම් වී. සිවඥානසොති මහතා පවසයි.