අප්‍රේල් 20, 2025
tami eng youtube  twitter facebook

    සියලු භේද ඉවතලා ආරක්ෂාවට මුල් තැන දී කටයුතු කරන්න

    අප්‍රේල් 29, 2019

    රටේ ආරක්ෂාව දේශපාලනයට වඩා ඉහළින් තිබිය යුතු බවත් එබැවින් ආණ්ඩුව හා විපක්ෂය ඇතුළු සියලු ම දේශපාලන පක්ෂ මේ අවස්ථාවේ උද්ගත වි ඇති  ප්‍රශ්නයට විසඳුම් සෙවිම සඳහා එකට කටයුතු කළ යුතු බවත් ආරක්ෂාව පිළිබඳ පොදු ප්‍රතිපත්තියක් ඇති කරගෙන කටයුතු කළ යුතු බවත්, අගරඳගුරු  මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසයි.

     පාස්කු ඉරිදා සිදු වු ප්‍රහාරයෙන් පිළිබඳව බලධාරීන් පරීක්ෂණ පවත්වා වරදකරුවන්ට එරෙහිව  තරාතිරම් නොබලා දඩුවම් දීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතු යැයි අගරදගුරු හිමිපාණෝ බොරැල්ලේ අඟරදගුරු මැඳුරේ දි අද(29) පැවති මාධ්‍ය හමුවක දි පැවසුහ.

     ලබන ඉරිදා එනම් මැයි 05 දා සියලු දේවස්ථානවල දේව මෙහෙයන්ට පෙර පරිදි පැවැත්විමට කටයුතු යොදා තිබේ. දේව මෙහෙයන්ට පැමිණෙන බැතිමතුන් දෙවස්ථානයට ඇතුළු විමට පෙර පරික්ෂා කර ගත යුතු අතර බෑග් ආදිය රැගෙන එමට අවසර නොදෙනු ඇත. සියලු ම දෙවස්ථාන වලට ආරක්ෂාව යොදා තිබේ. ඉරිදා දිනයන් හි දේවස්ථානවල දේව මෙහෙයන් 6ක් පමණ පැවත්වන නමුත් පවතින තත්ත්වයට අනුව එම සංඛ්‍යාව එකකට හෝ දෙකකට සිමා කරන ලෙසට පුජකතුමන්ලාට උපදෙස් දි ඇති බවට අගරඳගුරු හිමිපාණෝ තවදුරටත් සඳහන් කළහ.

    මෙම බොම්බ ප්‍රහාරවලින් ජිවිත හානි සිදු වු අයගේ පවුල්වල අසරණ වි සිටින දරුවන්ට හා විපතට පත් වෙනත් ආදායම් මාර්ග නොමැති පවුල්වලට ආධාර ලබා දීම සඳහා කතෝලික සභාව මඟින් විශේෂ අරමුදලක් ද ආරම්භ කොට
    තිබේ. එයට ආධාර ලැබෙමින් පවතින අතර ඒ සඳහා පත් කොට ඇති කමිටුවේ පළමු රැස්විම හෙට(30) පැවැත්වෙන බව ද මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ කිහ.

    මෙම මාධ්‍ය හමුවට එක් වූ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ශ්‍රී කල්‍යානි සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහ නායක අති පූජ්‍ය ඉත්තෑපානේ ශ්‍රී ධම්මාලංකාර ස්වාමීන්වහන්සේ මෙහි දි අදහස් දක්වමින්; පසුගිය ඉරිදා සිදු වු ප්‍රහාරයන් පිළිබඳව සොයා බලා වාර්තා කිරිමට ස්වාධීන කොමිෂමක් පත් කළ යුතු බව පැවසු හ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya