මුළු ශරීරයම ආවරණය වන පරිදි අඳින ඕනෑම දෙයක් ඇඳුමක් තාවකාලිකව තහනම් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමා හෝ අමාත්‍ය මණ්ඩලයේ කිසිදු අමාත්‍යවරයෙක් විරෝධතාවයක් පළ නොකළ බවද අමාත්‍යවරිය කියයි.
මේ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරිය මෙසේ ද සදහන් කළාය.
‘’අද රටේ ඇති වෙලා තියෙන තත්ත්වය සම්බන්ධයෙන් අපි රජයක් හැටියට නොයෙකුත් ක්‍රියා මාර්ග ගන්නවා, ඉදිරියට මෙවැනි දෙයක් ඇති නොවෙන විදිහට. අග්‍රාමාත්‍යතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලය සියලු දෙනාම අපිට පැවරිලා තියෙන වගකීම් යටතේ කටයුතු කරන්න උපරිම උත්සාහයක් ගන්නවා. නොයෙකුත් අය පටු දේශපාලන වාසි ගන්න, මේ සම්බන්ධයෙන් අගමැතිතුමා, මුදල් ඇමතිතුමා දිගින් දිගටම විවේචනය කරමින් නොයෙකුත් මාධ්‍ය හරහා නැති මතයක් ගොඩ නගන්නට උත්සාහ කරනවා. මම ඉතාම කරුණාවෙන් කියන්නේ මෙවැනි පටු දේශපාලන වාසි ගන්න උත්සාහ කරන්න එපා. දැනට හදිසි නීතිය යටතේ මේ ආකාරයේ ඇඳුම් හා පළදනා තහනම්කිරීමට ජනාධිපතිතුමා පියවර ගෙන ඇත.
මුස්ලිම් සංවිධාන සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව හදිසි නීතිය නොමැති සාමාන්‍ය තත්වයන් යටතේ දී පවා ආරක්ෂාවට තර්ජනයක් විය හැකි අන්දමේ ඇඳුම් පැළඳුම් තහනම් කරලීමේ නීති රීති සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවට පනත් කෙටුම් පතක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසීය.