අප්‍රේල් 20, 2025
tami eng youtube  twitter facebook

    බෝම්බ ප්‍රහාරයට අදාළ සැකකරුවන් 44ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන වැඩිදුර විමර්ශන

    අප්‍රේල් 29, 2019

    අප්‍රේල් 21 දින එල්ල කළ බෝම්බ ප්‍රහාරයට අදාළ සැකකරුවන් 44ක් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

     අත් අඩංගුවට ගැනීම් ගැන රුවන් ගුණසේකර මහතා මෙසේ සඳහන් කළේ ය.

     අප්‍රේල් 21 දින එල්ල කළ බෝම්බ ප්‍රහාරයට අදාළ සැක කරුවන් 44ක් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන වැඩිදුර විමර්ශනසිදු වෙනවා. ඉන් 7ක් කාන්තාවන්. අත්අඩංගුවට ගන්නා ලද තවත් සැකකරුවන් 15ක් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයේ රඳවා තබාගෙන විමර්ශන සිදු වෙනවා. ඒ සැකකරුවන් අතර කාන්තාවන් දෙදෙනෙක් සිටිනවා.

    මෙම සැකකරුවන් 15 දෙනාගෙන් සැකකරුවන් 07ක් අත් අඩංගුවට ගෙන තිබෙන්නේ දෙහිවල බෝම්බ සිද්ධියට අදාළව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරය සඳහන් කරයි.
    අනෙක් 8 දෙනා ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සැකපිට යුද හමුදාව විසින් අත් අඩංගුවට ගෙන ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයට බාරදුන් සැකකරුවන්. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයෙත්, ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය භාරයෙත් මේ සිද්ධිවලට අදාළව අත් අඩංගුවට ගත් සැකකරුවන්ගේ සම්පූර්ණ ගණන69ක් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya