අප්‍රේල් 20, 2025
tami eng youtube  twitter facebook

    ගාල්ල දිස්ත්‍රික්කයට මිලියන 1583 ක වියදමින් පාලම්

    අප්‍රේල් 30, 2019

    විශේෂ කලමණාකරණ ඒකකය යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය විසින්,2015 -2018 වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ මිලියන 1583 ක වියදමින් පාලම් ඉදි කර ඇත.

    මේ අනුව ගොවියපාන පාලම, කතලුව පාලම, කිඹිඇල පාලම එසේ ඉදි කර තිබේ. පසුගිය 2015 සහ 2018 වසර දක්වා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ගාල්ල දිස්‍ර්තික්කයේ මාර්ග සහ පාලම් ව්‍යපෘති රැසක් ක්‍රියාත්මක කර ඇත. පසුගියදා පැවති දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේදි මේ බව සඳහන් විය.

    බ්‍රිතාන්‍යා යකඩ පාලම් ව්‍යාපෘතිය යටතේ, ලබුදුව වදුරඹ මාර්ගයේ රුපියල් මිලියන 61.5ක වියදමින් සහ රුපියල් මිලියන 119.2 ක වියදමින් හොරවල පිටිගල මාර්ගයේ ද පාලම් ඉදිකර තිබේ. එමෙන්ම මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ ප්‍රතිපාදන රුපියල් මිලියන 401ක ප්‍රතිපාදන මත කිලෝමිටර 47ක්ද, ගංවතුරෙන් හානියට පත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් නොවන කිලෝමිටර් 30.5ක මාර්ග පද්ධතියක් ද රුපියල් මිලියන 953ක ප්‍රතිපාදන මත ප්‍රතිසංස්කරණය කර ඇත.

    අයි රෝඩ් මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මිලියන 4573ක විදමින් 2015- 2018 වසර කාල සිමාව තුල මාර්ග 66ක් සංවර්ධනය කෙරේ. ග්‍රාමිය පාලම් ව්‍යාපෘතිය යටතේ, රුපියල් මිලියන 20.2 ක ප්‍රතිපාදන යටතේ පාලම් 03ක්ද මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ඉදි කර ඇතිබව සඳහන් කෙරිනි.

    DMU/Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya