අප්‍රේල් 20, 2025
tami eng youtube  twitter facebook

    මුදල් ඇමති ආසියානු සංවර්ධන බැංකුවේ 52 වැනි මහා සභා රැස්වීමට

    මැයි 01, 2019

    ආසියානු සංවර්ධන බැංකුවේ 52 වැනි වාර්ෂික මහ සභා රැස්වීමට සහභාගී වීම සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු දූත පිරිස ෆීජි රාජ්‍ය බලා පිටත්ව ගියහ. රැස්වීම මැයි මස 2 වැනි ද සිට 5 වැනි දා දක්වා පැවැත්වෙයි.

    ආසියානු සංවර්ධන බැංකු නියෝජිතයන්, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන්, නිරීක්ෂණ රටවල නියෝජිතයන්, ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයන් සේම පෞද්ගලික අංශයේ නියෝජිතයන් සමග අන්‍යෝන්‍ය සබඳතා වර්ධනය කර ගැනීමට මෙම රැස්වීමේ දී සාමාජික රටවල නියෝජිතයන්ට අවස්ථාව ලැබෙනු ඇත.


    ආසියා ෆැසිපික් කලාපයේ ආර්ථික සහ සමාජ සංවර්ධනය පිළිබඳ කරුණු සාකච්ඡා කිරීමට ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුව කදිම අවස්ථාවකි. සාමාජික රටවල් 67ක නියෝජිතයන් සහභාගී වන මෙම මහා සභා රැස්වීම සඳහා මුදල් අමාත්‍යං මංගල සමරවීර මහතා සමගින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, නියෝජ්‍ය ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත රත්නායක සහ ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.එස්. මුදලිගේ යන මහත්වරු ඇතුළු මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද සහභාගී වෙති.

    ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති වෙනුවෙන් වාර්ෂිකව ඇ.ඩො. මිලියන 800ක පමණ සහන ණය ලබා දෙනු ලබන අතර 2019 වසර වෙනුවෙන් ව්‍යාපෘති යෝජනා 8ක් සඳහා ඇ.ඩො. මිලියන 815ක් ලබා දීමට නියමිත ය. වරාය පිවිසුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතිය මේ වන විටත් ක්‍රියාත්මක අතර ඒ වෙනුවෙන් වැය කෙරෙන මුදල ඇ.ඩො. මිලියන 300කි. මීට අමතරව දුම්රිය සේවය කාර්යයක්ෂම කිරීම සඳහා පැරැණි සංඥා සහ ප්‍රවේශපත් ක්‍රමවේදයන් නවීකරණය කිරීම සඳහා වූ ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡා මැයි මාසයේ කොළඹ දී පැවැත්වෙයි. ඊට වැය කිරීමට අපේක්ෂිත මුදල ඇ.ඩො. මිලියන 160කි.

    ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුවට සමගාමීව සාර්ක් කලාපීය රටවල මුදල් අමාත්‍යවරුන්ගේ රැස්වීම ද ෆිජි දූපතේ නදී නගරයේ දී මැයි 02 දා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya