ධනේෂ්වර පංතියට එරෙහිව කම්කරු පිරිසක් පැය 8කට තම වැඩමුරය සීමා කරන ලෙස ඉල්ලමින් 1988 මැයි 01 වැනි දා චිකාගෝ නුවරට එක්වූහ. මෙම වැඩවර්ජනයේ දී කම්කරුවන් මියගිය අතර තවත් කම්කරු නායකයින්
අත්අඩංගුවට පත් විය.
මෙම අරගලයේදී පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ද මිය ගියහ. එම කම්කරු අරගලයේ කම්කරු අයිතීන් වෙනුවෙන් රුධිරය වැගිරූ තම සගයින් සාදාතනිකව සිහිකිරීමට 1889 වසරේ රැස්වූ ජාත්‍යන්තර කම්කරු සංවිධානය තීරණය කළේය. ඒ අනුව සෑම වසරක මැයි 01 වැනි දා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත්විය.
ලංකාවේ ප්‍රථම වරට කම්කරු දිනය සැමරුවේ 1927 වසරේය. ලංකා ඉතිහාසයේ පළමු මැයි රැළිය 1933 කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වී ගාලු මුවදොර පිටියෙන් අවසන් විය. 1956දී මැයි දිනය මෙරට නිවාඩු දිනයක් ලෙස නම්
කර තිබේ.
ශ්‍රී ලංකාවේ මැයි දින ඉතිහාසය1926 වර්ෂයේ මැයි දිනය කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර එදා මැයි දිනය, මැයි පෙරහැරක් පවත්වා වැඩ කරන ජනතාවට කී‍්‍රඩා උපකරණ
තෑගි ලෙස ලබා දුන්නේය.
පසුගිය පාස්කු ඉරු දින (21) දේවස්ථාන කීපයක් හා සංචාරක හෝටල් කීපයක් ඉලක්ක කරගනිමින් එල්ල කළ බෝම්බ ප්‍රහාරය හේතුවේ රටේ හදිසි තත්ත්වයක් ඇති වූ අතර ප්‍රහාරය එල්ල කිරීමට සම්බන්ධ ත්‍රස්ත කණ්ඩායම් සොයා ත්‍රිවිධ හමුදා හා පොලිස් මෙහෙයුම් මේ වනවිටත් ක්‍රියාත්මක වෙයි.
මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් මහජන ආරක්ෂාව උදෙසා ප්‍රධාන පක්ෂ මැයි දින සැමරුම් පැවැත්වීම අවලංගු කිරීමට කටයුතු කළේ ය.