එ මහතා මේ බව සඳහන් කළේ මෙවර මැයි දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමිනි .
එම නිවේදනය මගින් ඇමතිවරයා වැඩිදුරටත් කරුණු මෙසේ දන්වා සිටියි.
ඒ අනුව පෞද්ගලික අංශයේ සේවකයකුගේ අවම වැටුප රුපියල් දෙදහස් පන්සීයකින් වැඩිකිරීමට ඉකුත් සතියේ කැබිනට් අනුමැතිය ලබාගත්තා. මෙහිදි පෞද්ගලික අංශයේ සේවකයකුගේ අවම වැටුප රුපියල් දොළොස් දහස් පන්සීයක් වන අතර ඊට අයවැය සහන දීමනා වන රුපියල් තුන්දහස් පන්සීය එකතුවීමත් සමග රුපියල් දහසය දහසක් වෙනවා. මෙය පාර්ලිමේන්තුවේ සම්මතවීමෙන් පසු ඉදිරියේදී මෙම වැටුපට අඩුවෙන් පෞද්ගලික අංශයේ සේවකයකු සිටින්න බැහැ. එවිට මේ සේවකයකුගේ දෛනික වැටුප රුපියල් හාරසීයේ සිට රුපියල් හයසීය දක්වා වැඩිවෙනවා. කම්කරු උපදේශන සභාවේ එකඟත්වයද මෙම වැටුප් වැඩිවීමට ලැබුණා.
සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ලබාගන්නට පැමිණෙන සේවකයින් විශාල දුෂ්කරතාවලට මුහුණ පාන බව අපට පෙනි ගිය බැවින් ඒ සඳහාද වැඩපිළිවෙලක් යෙදීමට අපි පියවරගෙන තියෙනවා. ආයතන කිහිපයක සේවයේ යෙදිසිටි සේවකයින්ට සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභය ලබාගැනිමට යෑමේදි එම ලිපි ලේඛන ඉදිරිපත් කිරීම ඉතා දුෂ්කර වී තිබෙනවා. එබැවින් මින් ඉදිරියේදි මින් ඉදිරියේදි සේවකයකු සේවයට බඳවා ගැනීමෙන් පසු මාස තුනක් ඇතුළත එම සේවකයා පිළිබඳ සියලු තොරතුරු කම්කරු දෙපාර්තමේන්තුව වෙත අනිවාර්යෙන් ලබාදීමට හාම්පුතා කටයුතු කළ යුතුයි. මේ සඳහාවන නීතිරීති සකස් කිරීම සඳහා පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තියෙනවා. එමෙන්ම සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින් ගේ සාමාජික අංකය සිය ජාතික හැඳුනුම්පත් අංකය ලෙස වෙනස් කිරීමට තීරණය කර තියෙනවා.
වැඩකරන ජනතාවගේ කිසිදු අයිතිවාසිකමක් කප්පාදු නොකර ඒ අයගේ අයිතිවාසිකම් වඩාත් තහවුරු කිරීම සඳහා එක් පනතක් සම්මත කිරීමට බලාපොරොත්තු වෙනවා. මේවා ඉතාම කඩිනමින් සිදුවන බව කිව යුතුයි.
රටේ ඇතිවි තිබෙන ආරක්ෂක තත්ත්වය නිසා දැනට පෞද්ගලික අංශයේ සේවකයින්ට හැඳුනුම්පත් ලබාදී නැති ආයතන තිබේනම් සියලු සේවකයින්ට හැඳුනුම්පත් ලබාදෙන්න කියා සියලු හාම්පුතුන්ගෙන් ඉල්ලනවා.