දෙවන පාසල් වාරය ආරම්භ කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් චක්‍රලේඛයක් මගින් සියලුම විදුහල්පතිවරුන් වෙත දන්වා යවා ඇත.ඒ අනුව දෙමව්පියන් දැනුවත් කොට ඔවුන්ගේද සහභාගීත්වයෙන් සෑම පාසලකම ආරක්ෂක කමිටු පිහිටුවා තිබේ.එයට අමතරව සෑම පාසලකම පාසල් කාලය තුළ පොලිස් ආරක්ෂාව ලබාදීමට කටයුතු යොදා ඇති බව ද ලේකම්වරයා කීය.
සදුදා පාසල් වාරය ආරම්භ කිරීම නිමිත්තෙන් විදුහල්පතිවරුන් විසින් යොදා ඇති වැඩපිළිවෙලවල් පරික්ෂා කිරීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අද (03) කොළඹ අවට පාසල් කිහිපයකම සංචාරය කළහ. මේ අතර කතෝලික පාසල් හා පෞද්ගලික පාසල් විවෘත කිරීම නියමයක් නොමැතිව කල්දමා තිබේ.